Thursday, November 19, 2015

සිංහරාජය විනාසයි

සිංහරාජ ප්‍රේරක කලාපය තුල කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇතැයි වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය කියය. 
 http://dinamina.lk/sites/default/files/news/2015/11/19/02.jpg
එම සංවිධානය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

ලෝක උරුම සිංහරාජය වනසා ජලවිදුලි බලාගාරයක් ඉදිකරයි
සිංහරාජ ප්‍රේරක කලාපය තුල කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇත. මෙම ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය සිංහරාජ කුඩව ප්‍රධාන පිවිසුම් මඟ සිට කිලෝමීටර් 4ක් පමණ නැගෙනහිර දෙසින් සිංහරාජ මායිමට යාබද ප්‍රේරක කලාපය තුල පිහිටා ඇති අතර කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින බැම්ම හා ගඟට යාබද ප්‍රේරක කලාපයේ වැසිවනාන්තරය බැකො යන්ත්‍ර යොදා එලිපෙහෙලි කිරීම නිසා මෙම සංවේදී පරිසර පද්ධතිය දිනෙන් දින විනාශ වී යමින් පවතී. ඊට අමතරව මෙම ඉදිකිරීම් වලට ගෙනැවිත් ඇති බැකෝ හා අනෙකුත් විශාල ට්‍රක් රථ ධාවනය සඳහා කුඩව සහ කොස්ගුලන අතර සිංහරාජ ප්‍රේරක කලාපයට අයත් කුඩා ගුරුපාරක් භාවිතා කර තිබේ. මේ නිසා ගුරුපාරට යාබද උතුරු ප්‍රදේශයේ රජුවන්කන්ද වැසිවනාන්තරයෙන් ඇරඹෙන දියපාර ගනනාවකට බරපතල හානි සිදුවී ඇති අතර සිංහරාජයට යාබද එහි ප්‍රෙරක කලාපයේ පිහිටි මෙම වැසිවනාන්තරය සිංහරාජයෙන් සහමුලින් වෙන්වී යාමේ දැඩි අවදානමකට පත්වෙමින් පවතී.

යුනෙස්කෝ ලෝක උරුම වැසිවනාන්තරයක් වන සිංහරාජයේ ප්‍රධාන පිවිසුම් ස්ථානයට සමීපව කෙරෙන මෙම වන විනාශය පිලිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් නොගැනීම ඉමහත් ගැටලුවකි. මධ්‍යම පරිසර අධිකාරිය මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් හා මහජන අදහස් විමසීමක් කර නැත.ලෝක උරුම වැසිවනාන්තරයක් තුල පරිසර නීති අමු අමුවේ උල්ලංගනය කර මෙවැනි විනාශකාරී ඉදිකිරීම් සිදුකිරීමට ඉඩ දීම අදාල බලධාරීන්ගේ අසමත්කම මනාව පැහැදිලි කරයි. මෙම විනාශකාරී ක්‍රියාවලියට ඉඩ දීම නිසා සිංහරාජය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමටද බොහෝ සෙයින් ඉඩ තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලෝක උරුම වැසිවනාන්තරයක් තුල වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතහා ජාතික පරිසර පනත උල්ලංගනය කරමින් කුඩා ජලවිදුලි බලාගාර ඉදිකිරීමට අනුබල දී ඇති දෙවැනි වතාව මෙය වේ. මීට ප්‍රතම ශ්‍රීපාද අඩවිය තුල “ඇලි හත” කුඩා ජලවිදුලි බලාගාරයක් මහජනතාව හා පරිසරවේදීන්ගේ විරෝධය නොසලකා ඉදිකිරීමට අනුබලදී එම ලෝක උරුම වැසිවනාන්තරයටද බරපතල හානියක් සිදු කරන ලදි. මෙම කුඩා ජලවිදුලි බලාගාර වලින් ලැබෙන ඉතා සුළු මෙගාවොට් දෙකට අඩු විදුලිය වෙනුවෙන් ශ්‍රීලංකාවේ රැකගතයුතු ජල පෝශක ප්‍රදේශවල පිහිටි දිය ඇලි හා ගංගා විනාශ කිරීම ජාතික අපරාධයකි.

මෙම ව්‍යාපාරය පරිසර ප්‍රේරක කලාප තුල ඉදිකිරීම් පිලිබඳ නීති උල්ලංගනය කිරීමට අමතරව ගංගා ප්‍රේරක කලාප තුල ඉදිකිරීම් හා සම්බන්ධ නීති රීති කඩ කිරීමක්ද ඊට අමතරව ලෝක උරුම වනාන්තරයක් විනාශ කිරීමක් ද වන බැවින්මධ්‍යම පරිසර අධිකාරිය, යුනෙස්කෝ සංවිධානය, වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ, පරිසර ඇමති ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුලු සියලු බලධාරීන්ගෙන් අප මේ සිදුවන විනාශය සියලු බලය යොදා වහාම නවත්වන යැයි වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය (http://www.RainforestProtectors.org) කාරුණිකව ඉල්ලා සිටිමු.




Monday, November 16, 2015

සාගරයේ භීෂකයා - මෝරා

ආචාර්ය හෙන්රි ඩයස් ඔස්ට්‍රේලියාවේ වෙසෙමින් සාගර අභ්‍යන්තරය ඡායාරූපගත කරන්නා වූ ක්‍රියාකාරිකයෙකි. පසුගිය කාලයක හෙතෙම එසේ කටයුතු කරද්දී තමන්ට මුහුණට මුහුණ හමු වූ භීෂකයින් යැයි කිව හැකි සාගරවාසීන් කිහිප දෙනෙකු ගැන සහ ඔවුන්ගේ චර්යාවන් සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි - මාධ්‍යයක් ඔස්සේ තොරතුරු හෙළිදරව් කළේය. එහි එන ඇතැම් විස්තර කිරීම් සාගර වාසී භීෂකයින් ලෙසින් හඳුනා ගන්නා ඇතැම් මත්ස්‍යයන් මෙන් ම ක්ෂිරපායින් ගැන අපූරු සහ දුර්ලභ තොරතුරු අනාවරණයකි.
සාගරවාසී මත්ස්‍යයන් අතර විශාලතමයා “මෝරා” ය. ඉනුත් තල්මස් මෝරා ගේ විශාලත්වය සුවිශේෂී එකකි. සාමාන්‍ය තත්ත්වය යටතේත් මෙම මෝර විශේෂය මීටර් 15ක්වත් දිගට වැඩෙයි. මේ හැරුණු කල තමන්ට සාගර මධ්‍යයේ දී ධවල යෝධයා යැයි සිංහලයෙන් හඳුනාගත හැකි Great White, තව ද Bull Shark නම් මෝර විශේෂයත් දින දහයක් වයසැති සිය පැටවා ද සමඟ කුදු වූ පිටක් සහිත තල්මසකුත් හමු වූයේ යැයි පවසන ආචාර්ය හරීන් ඩයස් ඒ සියල්ලන්ම තමන්ට තෘප්තිමත් අත්දැකීම් ගණනාවක් ලබා දුන් බව ද පවසයි.
ධවල යෝධයා (Great white) ගැනෙන්නේ සාගරයේ වෙසෙන ගොදුරු ගසා කෑමේ ශූර එමෙන් ම භීෂකයෙකු ද ලෙසයි. දිගින් මීටර් හයක් දක්වා වැඩෙන මොවුහු පැයට කි. මී. 40ක වේගයකින් පිහිනා යාමට සමත් වෙති. වරක් Cage dive (කූඩුවක සිටිමින් සාගර අභ්‍යන්තරයේ පිහිනා යාම) ක්‍රමවේදයට අනුව ඔස්ට්‍රේලියාවේ උතුරු සාගර කලාපයේ පෝට් ලින්කන් හිදි පිහිනා යද්දී මේ ධවල භීෂකයා හා මුහුණට මුහුණ හමුවීමකට මුහුණ පෑවේ යැයි පවසන ආචාර්ය හෙන්රි ඩයස් ඒ බව විස්තර කොට ඇත්තේ මෙසේ ය.
Great white නම් මේ මෝර විශේෂය කූඩුව කෙරෙහි ආකර්ෂණය වෙද්දිත්, අලුත ගොදුරු වූ මත්ස්‍යයකුගේ කැබලි සහ සුන්බුන් සාගර ජලයේ ඒ මේ අත පාවෙමින් තිබිණි. එපමණක් නොව ඒ මත්ස්‍ය මාංස කැබලි කූඩුව තුළට ද අවුත් පාවෙන්නට විය. එතැන දී ධවල යෝධයා තියුණු බැල්මෙන් කූඩුව නිරීක්ෂණය කරන්නට විය. ඒ බැල්ම ප්‍රහාරාත්මක බවක් ද පළ කළේය. ඉනුත් නොනැවතී කූඩුව වැර යොදා පහළට තල්ලු කරමින් ඒ තුළ පාවෙමින් තිබුණු මත්ස්‍ය මාංසවල අයිතිය නැවත ලබා ගැනීමේ උත්සාහයක යෙදිණි. ඒත් සමඟම පාවෙමින් තිබු කූඩුව සමබරතාවය අහිමි වීම නිසා පහළට වැටීම වළක්වාගත නො හැකිවී තිබේ. ධවල මෝරාගේ අදහස වූයේ කූඩුව ඇතුළට කඩා වැදීම විය හැකිය.
අපේ සාගර කලාපය තුළ දී බහුලව හමු නොවන Bull shark නම් විශේෂය ඔහුට හමු වන්නේ ෆිජීහි පැසිෆික් වරාය ඇසුරේදීය. එහිදී එම මෝරුන් එකට ගැවසෙමින් සිටියේයැයි පවසන දිය යට කිමිදෙන පාරිසරික ඡායාරූප ශිල්පියා එම මත්ස්‍යයා දිගින් මීටර් 4ක් වත් වෙනු ඇතැයි පවසයි. සාගර කලාපයන්හි පිරිසුදු ජල තලයන්හි දැකිය හැකිය. සාගරවාසී මත්ස්‍ය භීෂකයන් අතරට Bull shark ද අයත් වේ. එහෙත් එතැනදී ඔවුන්ට ලැබෙන්නේ තුන්වැනි තැනයි. පළමු භීෂකයා ඉහත දී හඳුන්වා දුන් ධවල යෝධයා හෙවත් Great whit ය. දෙවැන්නා Tiger shark (කොටි මෝරා) වේ.
ඒ අනුව සාගරයේ වෙසෙන තෙවැනි භීෂකයා වන්නේ මේ වන විටත් ඔබට හඳුන්වා දී ඇති Bull shark ය. වරක් තමා ෆිජියානු කිමිදෙන්නෙකු ද සමඟ අර කී සාගර කලාපයේ ගැවසෙද්දී මේ කියන තෙවැනි භීෂකයා තමන් හමුවට පැමිණෙමින් සිටියේ යැයි ආචාර්ය ඩයස් පවසයි. වීදුරුමය පරාවර්තනයක් වැනි සාගර ජලය අභ්‍යන්තරයේ ඉදිරියට එමින් සිටි මේ මත්ස්‍යයා ගේ දර්ශනය අලංකාරයෙන් අනූන එකක් ම විය. ඔහු බොහොම සුව පහසු අයුරින් තමන් ආසන්නයටම පැමිණෙමින් සිටි අවස්ථාවේ ෆිජියානු කිමිදෙන්නා තමන් අත වූ ලෝහමය යෂ්ටිය ඉදිරියට තල්ලු කරමින් භීෂකයා ඉවතට යැවීමට කටයුතු කොට තිබේ. දිය යට කිමිදෙන ඡායාරූප ශිල්පියා ඒ සම්බන්ධයෙන් තවදුරටත් පවසන ආකාරයට ඒ මෝර මත්ස්‍යයා කැමරා ආම්පන්න අසලටම ඒ වන විටත් පැමිණ සිටියේය.
යම් අවස්ථාවක දී එසේ මෝරෙකු සමඟ සාගර අභ්‍යන්තරයේ දී මුහුණට මුහුණ පාන කිමිදුම්කාර ඡායාරූප ශිල්පියකුට එම මත්ස්‍යයා දිගින් දිගටම සිය ගමන වෙනස් නොකර අභියෝගාත්මකව ඉදිරියටම පැමිණෙයිනම් ෆිජී කිමිදුම්කරුවාගේ උපාය සාර්ථක උපායක්ම වේ. එයට හේතුව මේ මත්ස්‍යයන් කොයි ආකාරයෙන්වත් ලෝහමය ආඝ්‍රාණය ප්‍රිය නොකිරීමයි. නො එසේ නම් ඒ ලෝහමය ගන්ධය මඟ හැර යාමට කැමැති වීම යි. ලෝහමය රසයට ද ඔවුන් දක්වන්නේ එම ප්‍රතිචාරයම යි. ලෝහ මුගුරක් ඉදිරියට තල්ලු කොට ඉදිරියට එන මෝරාගේ ගමන ඉවතට හැරවීම අර්ථයක් ඇති කටයුත්තක් වන්නේ ඒ අනුව යි. කොහොම වුණත් ඒ උත්සාහය අසාර්ථක වුණොත් විය හැකි දේ වන්නේ තමන් ඉදිරියෙන් ඇති කැමරා ආවරණ ආම්පන්න ඌගේ මුව තුළට ඇතුළු වන අයුරින් ඉදිරියට තල්ලු කිරීම විනා අනිකක් නොවේ. එහෙත් එවැන්නක් ජීවිතයත් මරණයත් අතර සිදු වන ගනුදෙනුවක් වීමට ද ඉඩ තිබේ.
තවත් අවස්ථාවක දී තොංගාවලදී සාගර කලාපයක තමන් ලද අත්දැකීමක් ගැන ද මේ ඡායාරූප ශිල්පියා සටහන් කොට තිබේ. එය ඔහුගේ තෙවැනි තෘප්තිමත් අත්දැකීම යැයි ද එහිදී ඔහු පවසා තිබේ. ඔහුට එහිදී මුණ ගැසී ඇත්තේ කුදු වූ පිටකොන්දක් ඇති තල්මස් (Humpback whales) විශේෂය යි. මේ කියන තල්මසුන් මේ සාගර කලාපයට පිවිසෙන්නේ සිය අභිජනක කටයුතු සඳහා ය. සාගර වෙරළේ සිට මීටර් 200ක් තරම් දුරින් ඇති මේ ගැඹුරු සාගර ප්‍රදේශය නිසල ජල පරිසරයක් සහිතය. ඔවුන්ට මනා පසුබිමක් ලබා මීටර් 500ක් පමණ ගැඹුරකින් යුක්තය. අශ්වබල 360ක් වන මෝටර් බලයක් සහිත බෝට්ටුවකින් අර කී තල්මසුන් අහිතන් ඉලක්ක කොට ගිය ගමනේ දී තමන් එක්වනම එතැනට පැන්නේ යැයි පවසන දිය යට කිමිදෙන ඡායාරූප ශිල්පියා එහිදී පිටකොන්ද කුදු තල්මස් මවක් සිය දස දිනක් වයසැති පැටවා සමඟ තමන් හා මුහුණට මුහුණ හමු වුණේ යැයි පවසයි. ඒ නිසා අත්විඳි අතිමහත් සුන්දරත්වය ගැන ඔහු ලියන්නේ මහත් ආස්වාදයකිනි.
පිටකොන්ද කුදු තල්මස්සු අහිංසකයෝ වෙති. එහෙත් අනවශ්‍ය අයුරින් ඔවුන්ගේ පැටවුන් අසලට ළං නොවීම මැනවි. එසේ එවැනි එක් අවස්ථාවකදී පසුපසින් හඹා ආ එම තල්මස් මව හෝ පියා සිය හොම්බෙන් ඇන කිමිදුම්කරුවන් ඉවතට තල්ලු කොට දමන්නට හොඳටම ඉඩ තිබේ.
සාගරය යනු ගොඩබිමට සාපේක්ෂව වැඩිම ඉඩක් පෘථිවියෙන් තමන් සඳහා වෙන් කරගෙන ඇති පරිසර පද්ධතියක් වේ. බොහෝ අය නොදත් නුදුටු මේ පරිසර කලාපය අභ්‍යන්තරයේ ගොඩබිම හා සමානවම බොහෝ පරිසර පද්ධති දැකගත හැකිය. එමෙන්ම සාගරය යන සමස්තය තුළ ගැඹුරු සහ නොගැඹුරු යනුවෙන් කොටස් දෙකකට බෙදීමක් ද තිබේ. එහිදී නොගැඹුරු සාගරය ලෙසින් හැඳින්වෙන්නේ මහද්වීපික තටාකය ඇසුරු කරන ප්‍රදේශයයි.
සාගරයේ අනිත් විශේෂත්වය වන්නේ එහි පතුලය. ඒ අනුව මඩ සහිත පතුලක් ඇති මඩ බිම් ද වැලි පිරුණු පතුලක් ඇති වැලි බිම් ද අපට හමුවන්නේ ඒ අනුවය. භූ විෂමතා ලක්ෂණ අනුව ද සාගර පත්ලේ විවිධ පරිසර පද්ධති නිර්මාණය වී ඇත. අපේ සාගර කලාපයන්හි දකින්නට නොලැබුණත්, ශීත දේශගුණය පවතින නොගැඹුරු සාගර තීරයන්හි මුහුදු ඇල්ගා බිම් නිර්මාණය වී ඇත්තේ එකී භූ විෂමතා පිහිටීම් අනුව යමිනි.
භූ පිහිටීම වශයෙන් ගත් කල ශ්‍රී ලංකාව යනු ඉන්දියන් සාගරය මධ්‍යයෙහි පිහිටි දූපතකි. ඒ අනුව අපට අනන්‍ය වන සාගර කලාපය ප්‍රමාණාත්මකව කි. මී. 2,56,410 කි. එසේ ගත් කල අපට හිමි වන සාගර ජෛව විවිධත්වය ප්‍රමාණාත්මකව සුළුපටු නැත.
පොදුවේ හඳුනාගෙන ඇති ආකාරයට අපගේ සාගර කලාපය තුළ පෘෂ්ඨවංශීන් වශයෙන් ගැනෙන ක්ෂිරපායීන් විශේෂ 28 ක් වෙසෙන බවත් ඔවුන් කුල 6කට අයත් බවටත් හඳුනාගෙන තිබේ. තල්මසුන් විශේෂ සහ මුහුදු ඌරෝ ද මේ අතර වෙති. අපේ අය මුල්ලන් වශයෙන් හඳුනාගන්නේ ඩොල්පින් නම් ක්ෂිරපායින්වය. තව ද උග්‍ර විෂ සහිත සර්ප විශේෂ ද දැකිය හැකි අතර අපේ බසින් ඔවුන්ට කියන්නේ වාලක්කඩින් කියාය. එවැනි සර්ප විශේෂ 13ක් අපට අයත් සාගර කලාපයේ දී දැකගත හැකිය. අප මුලින්ම කතා කළ මෝරා මත්ස්‍ය විශේෂ 61ක් අප අවට ගැවසෙන බව ද අමතක නොකළ යුතුය.
මෑතක සිට සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති කල්පිටිය සාගර කලාපය සමුද්‍රීය ක්ෂිරපායින්ගේ ඉහළ ඝනත්වයක් සහ විවිධත්වයකින් යුක්තය. කල්පිටිය, තලවිල සහ කන්දකුලිය ආසන්නයේ ඇති මහද්වීපික තටාකය අතිශයින්ම පටු ය. ඇතැම් ස්ථානයක් කරා වෙරළේ සිට ඇති දුර කි. මී. පහක් තරම් ය. මහද්වීපික බෑවුම තද බෑවුම් පිහිටීමකින් යුතුව ද පිහිටා ඇත. මේ නිසා ගොඩබිමට බොහෝ ආසන්නයෙන් සමුද්‍රීය ක්ෂිරපායින් ගැවසෙන කලාපයක් බවට කල්පිටිය පත්ව තිබේ. වෙන එකක් තියා සාගරයේ නොගැඹුරු සීමාවට ද පැමිණ අනතුරක් නැතිව නැවත ගැඹුරු සාගරයට ම පිහිනා යාමේ හැකියාව ද මේ සතුන්ට ඇත. තව ද අර කීව මහද්වීපික බෑවුම ඔස්සේ පැමිණෙද්දී පෝෂක ද්‍රව්‍ය ජලයේ මතුපිට පැවැතීම නිසා ආහාර සුලබ බවක් ද පැවැතීම සමුද්‍ර ක්ෂිරපායීන්ගේ බහුලත්වයට හේතුවක් වුණා විය හැකි ය.
කොළඹින් කි. මී. 150 ක් තරම් දුරින් පිහිටි කල්පිටිය සෞන්දර්යයෙන් මෙන් ම ජෛව විද්‍යාත්මක අගයෙන් ද පොහොසත් පාරිසරික කලාපයකි. අර්ධද්වීපයක් ලෙසින් පිහිටා ඇති උක්ත පරිසර පද්ධතිය සාගර වාසී ක්ෂිරපායින් මෙන් ම මත්ස්‍යයන් ගැන හැදෑරීමට සුදුසු ලෙසින් ම නිර්මාණය කොට ඇති තෝතැන්නක් වැන්න. 1992 දී ප්‍රකාශයට පත් කරන්නට යෙදුණු කල්පිටියේ වැලිපර දූපත් සමුද්‍රීය අභය භූමිය තුළ දී කොරල් විශේෂ 156ක්, මත්ස්‍ය විශේෂ 283ක් පමණ දැකිය හැකි බවට හඳුනාගෙන ඇත. කෙසේ වෙතත් මෙවැනි සුවිශේෂ පාරිසරික ස්ථාන ගැන බොහෝ විට අප තක්සේරු කරන්නේ සංචාරක ආකර්ෂණයම පමණක් මුල් තැනට ගනිමිනි.
නමුත් සමුද්‍ර පරිසර අධ්‍යයනය යනු ලොව ඇති ප්‍රබල පරිසර අත්දැකීමක් ය යන්න මේ විස්තරය මුල සිටම කියවූවෙකුට පැහැදිලි වේ. කනගාටුවට කරුණ වන්නේ එවැනි අධ්‍යයනයක් වෙනුවෙන් උනන්දුවෙන් ඉදිරිපත් වී කටයුතු කරන සමාජ සංස්කෘතියක් අප සතුව නොතිබීමයි. ඒ නිසා ම පාරිසරික සුවිශේෂතා (සමුද්‍රීය වේවා ගොඩබිම වේවා) හඳුනාගෙන ඒවා ගවේෂණය කොට පොදු රසිකත්වය වෙනුවෙන් ඉදිරිපත් කිරීම අපේ රටට අදාළව ගත් කල අතිශයින්ම දිළිඳුය. සිදු වෙමින් පවතින බොහෝ පාරිසරික ව්‍යසනයන්ට ද අර කීව නොදැනුම්වත් බව සහ සමාජීය උදාසීනත්වය ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන බවට පැහැදිලිවම දැකිය හැකි ය. ජාතියක් වශයෙන් අප මීට වඩා ගවේෂණශීලී වීම අවශ්‍ය ද යන්න අවසාන වශයෙන් පෙන්වා දිය යුතුව තිබේ.

Saturday, November 7, 2015

හෙට වෙනවෙන් සිටුවල ගස්..


 
දැනට රටේ 29.7% ක්ව පවතින වන ඝනත්වය ඉදිරි වසර තුන (03) ඇතුලත 32% දක්වා වැඩිකරන බව ජාතික රෑක් රෝපණ වැඩසටහතට එක්වෙමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබුනි. රටේ රාජ්‍ය නායකයා වශයෙනුත්, පරිසරය භාර අමාත්‍යවරයා වශයෙනුත්, එතුමාගේ මෙම ඉලක්කය ඉතාම කාලෝචිත දෙයකි.මෙම ඉලක්කයට ළඟාවීම සඳහා අවශ්‍ය වැඩසටහන මේ වන විටත් ඝයාත්මක වෙමින් පවතී. කඳු මුදුන්වල තුරු වියත්,වත අරණට,සිසු අරණ,පරිසර මාවත්, පලතුරු අරණ, තුරු කැපකරු-අපි නිරතුරු, යන විවිධ තේමාවත් ඔස්සේ සති හතරක(04) කොලයක් වන රෝපා තමන් ජාතික රුක් රෝපණ වැඩසටහන රට පුරා ක්‍රියාත්මත විය.
වනරෙපා වැඩසටහත වත සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකතවයෙන් සිදුවන අතර මෙයට අනිකුත් රාජ්‍ය ආයතනවල හා ප්‍රජාවේ සහයෝගය හිමිවේ. වෙරළ තීරුවල වන වගාව.පාරවල් හි වත වගාව,ගෙවතුවල වත වගාව, කඳු මූදූන්වල වන වගාව.කඳේෂ්ම භූමිවල වන වගාව යන බොහෝ ස්ථාන ආවරණය වත පරිදි පැළ සිටුවීම සිදුවන අතර අවශ්‍ය පැළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩව් වන කාර්යාල හරහා නිකුත් කෙරේ. වර්ෂ 1900 වන විට ලංකාවේ භූම්වලින් 70% ක් වන ආවරණයකින් වැඩි තිබුණි.එතම් වන ඝනත්වය 70% කි. මෙය 1953වත විට 44% දක්වා, 1983 වනවිට 27% දන්වා 1992 වනවිට 23.9% දක්වා ලංකාවේ වත සතත්වය පහළ වැටී තිබෙන අයුරු වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි. රටේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 6.56 කි. 1999 සිදුකරන ලද වත සංගණනයට අනුව හෙක්ටයාර් මිලියත I.94 ක් එතම් 29.7% ක් වනාන්තර |භූරැලතාවලින් ආවරණය වී ඇත. මෙයින් හෙක්ටයාර් මිලියන 1.47ක් එනම් 22.4% ඝන වනාන්තර වත අතර හෙක්ටයාර් මලියන 0.47 ක් එනම් 7% ක් විවෘත වනාන්තර ලෙස පවතී. රටක ජනගහනය වැඩි වන විට ඔවුන්ට අවශ්‍ය ආහාර නිෂ්පාදනයට හා වාසස්ථාත සඳහා වැඩිපුර භූමි ප්‍රමාණයක් අවශ්‍ය බව ඇත්තය. වර්ෂ 1901 වන විට ලංකාවේ ජනගහනය ලක්ෂ 35 කට වැඩිය.එය 1953
වත විට ලක්ෂ 81 කට ආසන්නව ව් තිබුණි. එය 1983දී ලක්ෂ 150 කට ආසන්න වන අතර 2012 දී ලක්ෂ 200 ඉක්මවා ඇත. මෙවැනි ජනගහන වර්ධනයක් තුළ විසිවන සියවස ආරම්භක කාලයේ මෙන් විශාල භූමි ප්‍රමාණයක් වතාන්තර ලෙස පවත්වා ගැනීමට බැරිය.ජනතාවට අවශ්‍ය ආහාර නිෂ්පාදනයට හා වාසස්ථාන සඳහා යම්කිසි භූමි ප්‍රමාණයක් යොදා ගැනීමට සිදුවේ. විශේෂයෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කොට ගෙන සෑම රජයක්ම විශේෂ සංවර්ධන වන්‍යාපෘති ක්‍රියාත්මක කරයි. මහවැලි සංවර්ධන ව්‍යාපාරය,විශාල වාරිමාර්ග හා නිවාස ව්‍යාපෘතී.අධිවේගී මාර්ග,වරායවල්.අලූත් තවීත නගර යනාදී මහා පරිමාණ ඉදිකිරීමවලදී වනාත්තර එළිකිරීම විශාල වශයෙන් සිදුවිය. අප විසින් විශාල වනාන්තර ප්‍රමාණයක් එළිකරනු ලැබුවත්,ගස් සිටුවීම සඳහා සාර්ථක වැඩසටහන් ක්‍රියාත්මක කළේද යත්ත පසුවිපරම් කළ යුතුව ඇත. ජාතික රුක් රෝපණ වැඩසටහන දශක දෙකකට වැඩි කාලයක සිටම රාජ්‍ය මැදිහත්වීම මත සිදුවේ.ගස් පන්ලක්ෂය. දසලක්ෂය.විසිපන්ලක්ෂය වැනි ඉලක්ක මත දින.සති ගණන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. නමුත් වනාන්තර ප්‍රතිශතයෙහි පව·තිත පහත වැටීම දෙස බලන විට කලින් ක්‍රියාත්මක කළ රුක් රෝපණ වැඩසටහත් කුමත හෝ හේතුන් මත වඩා සාර්ථක වූ බවක් පෙන්නුම් නොකරයි.රටේ වත ඝතත්වය දිගටම අඩුවීමෙන් පසක් වන කාරණය එයයි.දිත,සති, මාස තම් කළ පමණින් සාර්ථක රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක නොවේ. මෙ සඳහා නිසි අධීක්ෂණයක් සහිතව අඛණ්ඩ ක්‍රියාවලියක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.මීට පෙර පැවැති රුක් රෝපණ වැඩසටහන් එතරම් සාර්ථකත්වයක් ඇති නොවීමට මෙම අඛණ්ඩ ඇගයීම ක්‍රියාවලියක් නොතිබීම ද හේතුවන්නට ඇත. එමනිසා රුක් රෝපණ වැඩසටහත මාසයකින් අවසන් නොකර පවතින උතන්දුව අඩු නොකොට ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතුය. මෙවර වනරෝපා වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය වත වත ඝතත්වය ඉහළ නංවාගැනීමට උපරිම සහයෝගය ලබාදීම රටේ ප්‍රජාවගේ දවගකීමකි.විශේෂයෙන්ම මෙවර වැඩසටහන
ජනාධිපතිතුමාගේ අඛණ්ඩ අධීක්ෂණයක් සහිතව ක්‍රියාත්මක වන බැවින් ඉහළ සාර්ථකත්වයක් ලැබිමට ඇති ඉඩකඩ ඉතා ඉහළය. එසේම අද රටෙහි පවතිත තත්ත්වය පරිසර ආරක්ෂණයට හොඳ තත්ත්වයකි.රටේ නායකයා පරිසරය භාර ඇමැනිවරයාය.එතුමා පරිසර ආරක්ෂණය වෙනුවෙන් ඉතා තදින් කටයුතු කරන
බව පැහැදිලිය.වතාත්තර විනාශ කරන කැලෑපාළුවන් ඇතුළු පරිසර විනාශකාරීන්ට කිසිදු ඉඩක් නොදෙත ලෙසත්, තරාතිරම තොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, නීති ක්‍රියාත්මක කරන සියලූ රාජ්‍ය නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ. ලංකාවේ වනාන්තරවලින් යම් කොට
සක් මේ කැලෑපාළුවත් අතින් ද විනාශ වන බව අපි කවුරුත් දනිමු. මෙම තත්ත්වය තුළ අපි සැවොම එක්ව් වසර 03 ක් ඇතුළත වත ඝතත්වය 32% දක්වා වැඩි කිරීමට ජනාධිපතිතුමා ගෙන යත වැඩසටහනට සම්පූර්ණ සහයෝගය ලබාදී එම ඉලක්කය ළඟා කර
ගැනීමට කටයුතු කිරීම ජාතික අවශ්‍ය(ෆවයකි.
(දත්ත මූලාශ්‍රය වන සංරක්ෂණ දෙපාර්තමේත්තුව)
ඩබ්. එම්. ශාන්ත ප්‍රිය

Sunday, November 1, 2015

13 වැනිදා දකුණේ මුහුදට යන්නේ පරිස්සමින් - මහාචාර්ය චන්දන ජයරත්න

   අද සිට දින පහකින් දකුණු මුහුදේ කෙබඳු තත්ත්වයක් ඇති වේදැයි රටම සිටින්නේ අවධානයෙනි. ඇත්තම කීවොත් සමහරුන් මේ පිළිබඳ පසු වන්නේ බියකිනි. ඒ අහසින් වැටෙන්නට නියමිත අභ්‍යවකාශ සුන්බුන් කැබැල්ල නිසා සුනාමියක් ඇති වේද? එසේත් නැත් නම් එවැනි වෙනත් මහා විනාශයක් සිදු වේද යන සැකය නිසාය.‍ එහෙත් මෙහි ඇත්ත කතාව ඒ තරම් බිය උපදවන්නක්ද?.... 


මිනිසා 1957 ඔක්තෝබර් 04 වැනිදා අභ්‍යවකාශ යුගයට එළැඹියේ රුසියාව ස්පුට්නික් 1 යානය අභ්‍යවකාශගත කිරීමත් සමඟය. එදා සිට මේ දක්වා වසර පනස් අටක් තිස්සේ දහස් ගණන් අභ්‍යවකාශ යානා ගුවන පසාරු කරගෙන මේ මහා විශ්වයේ රහස් සොයන්නට ගිය බව සැබෑය. ඒ සියල්ල ආපසු මහ පොළොවට ආවාදැයි නිශ්චිත නැත.
කොළඹ විශ්ව විද්‍යලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසන ආකාරයට අභ්‍යවකාශ යානයක් ගුවන්ගත වූ පසු භාවිතයට නොගන්නා කොටස් සහ ගුවන්ගත කිරීමට යොදාගන්නා රොකට්ටු දෙක-තුන ඉන්ධන පිරිමැසීම සඳහා අහසේදී මුදා හරිනු ලැබේ. එනිසාම මෙවර පොළොවට ඇදෙන්නේ හඳට යැවූ එවැනි යානයක රොකට් කැබැල්ලක්ද යන්න පිළිබඳ සැකයක් මතු වී තිබේ.
ඒ පිළිබඳ අපේ සිත් තුළ පැනනඟින බොහෝ පැනවලට ඔහු පිළිතුරු දුන්නේ මෙසේය.
"13 වැනිදා අපේ වෙලාවෙන් උදේ 11. 50ට පමණ දෙවුන්දර තුඩුවේ සිට කිලෝමීටර 65ක පමණ දුරකින් මේ කැබැල්ල පතිත වෙයි කියලයි කියන්නේ. එය බටහිර සිට නැඟෙනහිර දෙසට ව්‍යාප්තව ඇති කිලෝමීටර සියයක පමණ වට ප්‍රමාණයක් තුළ එය පතිත වේයැයි සිතනවා. මෙහි විශේෂත්වය වන්නේ හඳටත් වඩා ඈත සිට අපේ පොළොවට මෙය පතිත වීමයි. එසේ නැත් නම් මෙවැනි පතිත වීම වසරකට 100ක් 200ක් පමණ ලෝකේ කොහේ හෝ සිදු වනවා.‍
සඳත් පෘථිවියත් අතර දුර මෙන් දෙගුණයක් පමණ දුරක් ඇති ඉලිප්සාකාර පථයක ගමන් ගන්නා මේ වස්තුව මහ පොළොවටත් පෘථිවියටත් මැදි වන ආකාරයෙන් තමයි පොළොවට පතිත වන මාර්ගය තැනෙන්නේ. එනිසයි මෙය සඳට යැවූ යානයක කොටසක් දැයි සැකය මතු වන්නේ. මෙහි නම WT1190F ලෙස යොදා තිබෙන්නේ හඳුනා නොගත් වස්තුවක් යන තේරුම එන ආකාරයටයි. මේ වගේ මිනිසා විසින් තැනූ යානාවලින් ඇති වූ අභ්‍යවකාශ සුන්බුන් කොටස් 20ක් පමණ ඇතැයි සොයාගෙන තිබෙනවා.
එවැනි කැබැලි අතරින් ඉතා ඈත සිට එන නිසයි මෙය වැදගත් ලෙස සැලකෙන්නේ. එය පළමුවැනි වතාවට අපට දැකගන්න ලැබීම සහ අපේ තිබෙන ගණිත ආකෘති අනුව කියන තැනටම වැටෙයිද යන්න ‍තහවුරු කරගැනීමටයි මෙය වැදගත් වන්නේ. නැතිව පොළොවට මෙය වැටීමෙන් විශාල හානියක් සිදු වන්නේ නෑ. මොකද, මිසයිල පවා යුද්ධවලදී ඉරාකයට හෝ සිරියාවට යවද්දී වෙනත් තැන්වලට වදිනවා. ඒ නිසා මේ තරම් ඈත ඉඳන් එන කැබැල්ලක් පතිත වන ස්ථානය හරියටම නිශ්චය කරන්න පුළුවන් වීම වැදගත්.

පොළොව පෘෂ්ඨයට කිලොමීටර හත්අටසියයක් දුරින් වටේ යන මෙවැනි කැබලි සෙන්ටිමීටරයට වැඩි ඒවා 150,000ක් පමණ තිබෙනවා. 1990 දී මෙවන් කැබැලි ති‍බුණේ 110,000ක් පමණ සංඛ්‍යාවක්.
ඒවායේ සමස්ත ස්කන්ධය ගණනය කළොත් කිලෝ ග්රෑම් මිලියන දෙකක් පමණ වනවා. මේ අතරින් පැරැණිම කැබැල්ල ‍ලෙස සලකන්නේ 1958 මාර්තු 17 වැනිදා අමෙරිකාව ගුවන්ගත කළ දෙවැනි යානය වන වොයේජර් 1 ගුවන්ගත කිරීමට යොදාගත් ඩෙල්ටා 2 නම් රොකට්ටුවේ කැබැල්ලක්.

මේ සියලු සුන්බුන් අභ්‍යවකාශයේ පැයට කිලෝමීටර 175000ත් - 285000ත් අතර වේගයෙන් ගමන් කරනවා. මේවායින් අපට දූරේක්ෂයකින් ගමන්මඟ නිරීක්ෂණය කළ හැකි සුන්බුන් වශයෙන් ගණන් ගන්නා චන්ද්‍රිකා සංඛ්‍යාව 2671ක්. අභ්‍යවකාශ උපකරණ 90ක් පමණත් විශාල සුන්බුන් කැබැලි 6096කුත් තිබෙනවා. 

අනෙක් කොටස්වල ගමන් මාර්ගය තවම නිර්ණය කරගැනීමට පුළුවන් වී නැහැ බොහෝ කුඩා නිසා. මේවායින් වැඩිම හානියක් සිදු වන්නේ අභ්‍යවකාශයේ ගමන් ගන්නා අපේම වෙනත් චන්ද්‍රිකාවලටයි. මේවා ගමන් කරන වේගය නිසා සිදු වන හානිය වැඩියි. උදාහරණක් ලෙස එක් කැබැල්ලකින් විසි වූ කුඩා තීන්ත පතුරක් වැදීමෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එක කවුළුවක හිලක් සැදී තිබුණා.

ගමන්වාර කීපයක් අභ්‍යවකාශයට ගිය ස්පේස් ෂට්ල් යානයේ වීදුරු කොටස් වාර අසූවකට වඩා වෙනස් කරන්න සිදු වී තිබෙනවා මෙවැනි කොටස් වැදීම නිසා‍. හබ්ල් ස්පේස් ටෙලස්කෝපයේ තිබෙන සූර්ය පැනල සිදුරු වෙලා තිබෙනවා. එයින් තේරෙනවා කොපමණ සුන්බුන් කොටස් ප්‍රමාණයක් මේ අභ්‍යවකාශයේ ගමන් කරනවාද කියා. ඒ නිසා අභ්‍යවකාශයේදී සිදු වන හානිය වැඩියි පෘථිවියේ සිටින අපට වඩා. 

එය කොතරම්ද කියනවා නම් අපට හානියක් විය හැකි සම්භාවිතාව ට්‍රිලියනයකින් එකයි. එවැනි කොටසක් ඇ‍ඟේ වැදුණු බව වාර්තා වී තිබෙන්නේත් එක් වතාවකදී පවුලා නමැත්තකුට පමණයි. එයින් කිසිදු හානියක් වී නෑ‍. එයට හේතුව මේවා පොළොව දෙසට ඇදී ‍එද්දී රත් වී ගිනි ගැනීම නිසා පොළොවට කි.මී. 100ක් පමණ දුරදී දැවී අළු වී යනවා. ඒත් ඉඳහිට අභ්‍යවකාශයේදී තාපයට ඔරොත්තු දෙන ලෙස තැනූ රොකට් කොටසක් වැනි දෙයකින් යම් කොටසක් ඉතුරු වන්න පුළුවන්.

කොහොම වුණත් මේ ලෙස සුන්බුන් කැබැලි නිසා අනෙක් චන්ද්‍රිකා ආදියට හානි සිදු වීම පාලනය කළ නොහැකි රෝගී තත්ත්වයක් ලෙසයි හඳුන්වන්නේ. එය නම් කරන්නේ කෙස්ලර් සින්ඩ්‍රම් කියායි. මොකද, එක් කැබැල්ලක් වැදීම නිසා තව කැබැලි ගොඩක් සුන්බුන් ගොඩට එකතු වනවා.

අප දුටුවත් නොදුටුවත් වසරකට අභ්‍යවකාශ සුන්බුන් 100ක් 200ක් පමණ සංඛ්‍යාවක් පොළොවේ කොතැනකට හෝ පතිත වනවා. ඒවා වායු ගෝලයට ඇතුළු වනවා පමණයි, බහුතරයක් දැවී යනවා. ඒත් නොදැවී වැටෙන ඒවාත් තිබෙනවා. නිදසුනක් තමයි, 1979 ස්කයි ලැබ් එක. 

එය ලංකාව ආශ්‍රිත ප්‍රදේශයකට වැටෙන බවට අනතුරු අඟවා තිබුණත් වැටුණේ ඕස්ට්‍රේලියාවට. 2001 ජනවාරි 21 වැනිදා ඩෙල්ටා 2 රොක‍ට් යානයේ තුන් වැනි අදියරේ කැබැල්ලක්, කිලෝ 70ක් පමණ බරයි. සවුදි අරාබියේ රියාද් අගනුවර සි‍ට කිලෝමීටර 240ක් පමණ දුරින් වැටුණා. මේවා ‍සියල්ල පොළොවට ආසන්න කක්ෂවල ගමන් කළ සුන්බුන්. ඒවා හඳුන්වන්නේ LEO නැත්නම් ලෝ අර්ත් ඕබිට් කියලයි.

අප බලාපොරොත්තුවෙන් ඉන්න කැබැල්ල මීටර දෙකක් නැත් නම් අඩි 7ක් පමණ විශාලයි කියා ගණනය කර තිබෙනවා. ඒ වගේම එහි ඝනත්වය අඩු නිසා අප සිතන්නේ ඇතුළත කුහර සහිත කොටසකත් විය හැකියි කියලයි‍. මෙය මුලින්ම දැක තිබුණේ 2013 පෙබරවාරි මාසයේ. එය සොයාගන්න බැරිව තිබී යළි කැටලිනා ස්කයි සර්වේ නම් ව්‍යාපෘතිය යටතේ හවායිවල සිට දැක තිබෙන්නේ.

මෙය අපේ මුහුදට වැටෙනවා කියා බිය වන්න එපා කියන එකයි මගේ අවවාදය. මෙයින් කිසි සේත්ම සුනාමියක් ඇති වන්නේ නෑ. හරියට ලොකු ගලක් මුහුදට අතහැරියා වගේ රැල්ලක් වත් අපට දැනෙන මට්ටමට එන එකක් නෑ. මෙය බටහිර සිට නැ‍ඟෙනහිරට එන නිසා කලින් වගේම කියූ තැනටම නොවැටුණොත් ප්‍රදේශයේ වැසියන් උදේ 11.50ට පැයකට පෙර සහ පැයකට පසු කාලය ඇතුළත දකුණු මුහුදේ ධීවර කටයුතුවල නොයෙදීම වඩාත් නුවණට හුරුයි. 

මොකද, මෙය උඩදී පිපිරුණොත් එයින් එන ‍පොඩි පොඩි කෑලි නිසා බෝට්ටු හිල් වෙන්න වුණත් පුළුවන්. ගොඩ බිමට විසි වන්නත් පුළුවන්. ඒත් අනියත බියක් ඇති කරගන්න අවශ්‍ය නෑ. මෙය පතිත වන ස්ථානය වෙනස් වුණොත් ඉන්දුනීසියාව‍ට හෝ තායිලන්තය දක්වා වුණත් යන්න පුළුවන්.

මෙය දවල් කාලයේ වැටෙන නිසා දූරේක්ෂවලින් බැලීම අපහසුයි. කැමරාවක් ඇසුරෙන් දකුණු අහස ඒ කාලය තුළ රූපගත කළොත් ගිනි බෝලයක් එනවා වගේ පේන්න පුළුවන්. නිරීක්ෂණය කිරීම හොඳ වුණත් වඩා ආරක්ෂිත වන්නේ නිවෙස තුළ සිටීමයි. වහලක වගේ වැදුණොත් සුළු ගිනි ගැනීමක් ඇති වන්න පුළුවන්.
මේ වැනි දේ පොළොවට වැටීමෙන් පරිසරයට හානියක් නොවුණත් ඒවා අභ්‍යවකාශය අපිරිසුදු කිරීම විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. මහ පොළොව රකින්න විවිධ නීති හැදුවට පියවර ගත්තාට අභ්‍යවකාශය පිළිබඳ ඇත්තේ ඉතා කණගාටුදායක තත්ත්වයක්. 

ඒ නිසා අපේ පොළොවේ ඝන අපද්‍රව්‍ය ඉවත් කරනවා වගේ මේවාත් ඉවත් කිරීමේ ක්‍රම විද්‍යාඥයන් සොයමින් පවතිනවා. මොකද විද්‍යාඥයන්ගේ සැලසුම් අනුව චන්ද්‍රිකා යැවීම පමණක් නොවේ; අනාගතයේදී චන්ද්‍රයා, අඟහරු සහ සෙනසුරුගේ චන්ද්‍රයකු වන ටයිටන්හි පදිංචියට යන්නත් අපේ ලෝකේ අය සූදානමින් ඉන්නේ. ඒවායේ ජනාවාස සැදිම 2050 පමණ පටන් ගෙන මේ ශතවර්ෂයේ අවසන් වනවා. මේ ජනාවාසවලට මිනිසුන් රැගෙන යන යානාවලට මේ සුන්බුන් වැදී හානියක් වන්න ඉඩ තිබෙනවා. 

ඒවා ඉවත් කිරීම සඳහා යෝජනා, ගණනය කිරීම් කරගෙන යනවා. එකක් තමයි: යම් යානයකින් ඉවත් කරන කොටස් රොකට් වැනි දේ අභ්‍යවකාශයේ රැඳෙන්නට ඉඩ නොදී පහළට තල්ලු කර දමන ක්‍රමවේදයක් ඇති කිරීම.
එවිට ඒවා ගිනි ගෙන විනාශ වෙලා යනවා. අනෙක: ස්පේස් ටීතර් කියන දිග ලෝහ කම්බියක් චන්ද්‍රිකාවක ආධාරයෙන් පෘථිවි චුම්භක ‍ක්ෂේත්‍රයත් ආධාර කරගෙන ඒ කැබැලිවල ගෑවීමට සැලැස්වීම. එමඟින් එහි වේගය අඩු කර කඩාවැටෙන්නට සලස්වනවා. එවිටත් සිදු වන්නේ කලින් දේමයි. තුන්වැනි ක්‍රමය: ලේසර් කොස්සක් මඟින් මේවා එකතු කර විනාශ කරදැමීම. එහෙත් මේවා ක්‍රියාත්මක වන්න කාලයක් ගත වේවි.





 ‍‍‍‍‍‍‍‍